Breaking News
Home / News / මේක කැරැල්ලක් නෙමේ රැල්ලක් නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර

මේක කැරැල්ලක් නෙමේ රැල්ලක් නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර

සමහරු විශාල ප්‍රචාරයක් ගෙනියනවා කුරුණෑගල රැලිය අවලංගු කළා කියලා. එහෙම අවලංගුකරලා නැහැ. අවලංගු කරන්නෙත් නෑ. අද මේක සමහරු හඳුන්වන්න හදනවා කැරැල්ලක් කියලා. මම මේක හඳුන්වනවා කැරැල්ලක් නෙමේ රැල්ලක් කියලා. මෙහෙම ගියොත් රැල්ල සුනාමියක් වෙයිද දන්නෙ නැහැ.

නලීන් බණ්ඩාර මහතා එසේ ප්‍රකාශකළේ ඊයේ (3) දා පැවැති මාධ්‍ය හමුවක දී ය.

 මෙම මාධ්‍ය හමුව මුලින් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණත්, ඒ ස්ථානය නොලැබීම නිසා, එය පවත්වන ලද්දේ ජාතික හෙළඋරුමය ගොඩනැගිල්ලේ ඉහළ මාලයේය. අපේගම අයිති සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍යාංශයන්ට අයත් සංස්කෘතික අමාත්‍යාංශයේ වීම ද විශේෂත්වයකි.

එහිදී මාධ්‍ය වේදියකු ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

මාධ්‍ය – ඇයි තාම පක්ෂයෙන් අපේක්ෂකයෙක් නම් කරන්න බය?

නලීන් බණ්ඩාර – අපිට ඒක කියන්න බෑ බය පිළිබඳව කාරණයක් කියලා. එතුමා හරි වෙලාව එනකම් කල්ගන්නවා වෙන්න පුළුවන්. දැන් ගෝඨාභය මුහුදට හත් ගවුවක් තියලානෙ අඹුඩෙ ගහගෙන ඉන්නෙ. අපිට සතියක් එකහමාරක් ගියාට මේක ප්‍රශ්නයක් නෑ.

Check Also

රටින් පලාගොස් සිටි පතාල නායකයන් ආපසු ලංකාවට

පසුගිය කාලයේ පාතාලයේ එකිනෙකා මරාගැනීම නිසා ජීවිතවලට තර්ජන එල්ලවීම, රජය විසින් කුඩු ව්‍යාපාරය මර්ධනයට ප්‍රමුඛත්වයක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *