Breaking News
Home / News / Sports / නැගෙනහිර ආසියානු මූ තායි (තායි බොක්සිං ) තරගයෙන් ශ්‍රීලංකාවට රන්පදක්කමක්

නැගෙනහිර ආසියානු මූ තායි (තායි බොක්සිං ) තරගයෙන් ශ්‍රීලංකාවට රන්පදක්කමක්

හොංකොං  හිදි පැවැත් වූ  නැගෙනහිර ආසියානු මූ තායි (තායි බොක්සිං ) තරගාවලියේදි  ශ්‍රී  ලංකාව රන්පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනාගැනීමට  සමත්විය  .

මෙම තරගාවලිය රටවල් 9 ක සහභාගිත්වයෙන්   අගෝස්තු  14 වෙනිදා සිට 19 වෙනිදා දක්වා පැවැත් වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 02 ක් සහ ක්‍රීඩකයින් 05 දෙනෙක් සහභාගි වූහ.  තරගාවලියේ   පලමුස්ථානය  හොංකොං කණ්ඩයමට හිමි වූ අතර දෙවන ස්ථානය පිලිපීන් කණ්ඩායමත් තුන්වන ස්ථානය මැලේසියානු  කණ්ඩායම හිමි කරගන්නා ලදි
මෙම තරගාවලියේදි රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා  නාවික හමුදාවෙ එස්. ජි. රිසික රුමේෂ් අදහස් දක්වමින්..
” ලෝකයේ අංක 1,2,3 වන ස්ථානවල  සිටින රටවල් සමග තරග කර රන්පදක්කමක්  ලබා ගැනීමට ලැබීම සතුටක්  ඒ වගේම ජාතිය වෙනුවෙන් අපේ රටේ  ධජය අනික් රටවල ධජය අභිබවමින් ලෙලදවන්ට ලැබුන එක මට ලොකු සතුටක් ඒවගේම මගෙ පුහුණුකරු පී ආර් ප්‍රියංක විජේරත්නත් මතක් කරන්න ඕන ඉදිරියේදි රටවෙනුවෙන් තවත් පදක්කම් ගන්න තමා බලාපොරොත්තුව”
Attachments area

Check Also

වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ ත්‍රෝ බෝල් ශූරයන්ගේ මැලේසියා සංචාර සිහිනය සැබෑ වෙයි.ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන් ලක්ෂ 15

මෙවර සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 20න් පහල ත්‍රෝ බෝල් තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *