Home / News / ආණ්ඩු බලය ලබාගැනීම දක්වා වන දීර්ඝ ක්‍රියාවලියකට මනා සැලසුමකින් අපි තරග වදින්නේ- විජිත හේරත්

ආණ්ඩු බලය ලබාගැනීම දක්වා වන දීර්ඝ ක්‍රියාවලියකට මනා සැලසුමකින් අපි තරග වදින්නේ- විජිත හේරත්

රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩගන්න ජනතාවගේ බඩගින්න නිවන්න තරුණයන්ගේ විරැකියාවට උත්තරයක් හොයන්න ඉඩම් පිළිබඳ ප්‍රශ්නය විසඳන්න  දේශපාලන සිරකරුවන්ගේ ගැටලු විසඳන්නන ජාතික ප්‍රතිපත්තියක් දෙපයින් සිටවන්න ඕනෑ. ජනාධිපතිවරණයෙන් පසුවජනාධිපතිවරයාට පමණක් රට සංවර්ධනය කිරීමේ හැකියාවක් නැහැ. එම ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවීම සඳහා ආණ්ඩුබලයකුත් අවශ්‍යයි. 19 සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයාට විධායක බලතල නැහැ. .

        ජනතා විමුක්ති පෙරමූණේ මාධ්‍ය හමුවක් ඉයේ (22& පැලවත්ත එම පක්ෂයේ මුලස්ථානයේ දී පවත්වන ලදී. එහි දී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හෙරත් අදහස් දක්වමින් එලෙස කියා සිටියේය. තවදුරටත් අදහස් දැක්වු විජිත හේරත් මහතා ක< iïmQ¾K ප්‍රකාශය පහත පළවේ.

ජනතාවි මුක්ති පෙරමුණ ඇතුළුව විවිධ දේශපාලන කණ්ඩායම් බහුජන සංවිධාන විද්වතුන් වෘත්තිකයින් කලාකරුවන් ඒකරාශීවෙලා ජාතික ජන බලවේගය විදිහට පසුගිය 18 වැනිදා ගෝල්ෆේස් පිටියේ දී පවත්වපු පෙරළියේ මහ රැලියේදී අපේ අපේක්‍ෂකයා රටට ප්‍රකාශ කළා. එම රැලිය සාර්ථක කරගන්න කටයුතු කළ සියලු දෙනාට මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලෝකය පුරාසිටින ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් අප සමඟ සජීවීව එම රැලියට සම්බන්ධවු ණා. ඒ සියලු දෙනාටත් අපගේ ස්තුතිය ප්‍රකාශ කරනවා.

ජාතික ජන බලවේගය ලෙස අපි ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ පූර්ව සැලසුමක් සමගයි. ඒ වෙනුවෙන් අපි මීට පෙර ඉතා සැලසුම්සහ ගත ලෙස ප්‍රතිපත්ති මාලාවක් සකස් කළා. ඒ වෙනුවෙන් අපේ රටේ විද්වතුන් වෘත්තිකයින් කලාකරුවන් විශාල පිරිසක් සහභාගි වුණා. මේ වෙන කොට අපේ රටේ ජනතාවට එජාප ශ්‍රීලනිප පෙරමුණු එපාවෙලා තිබෙනවා. මේ  වෙනකොට රනිල් -මෛත්‍රී ආණ්ඩුවත් එපාවෙලා. ජනතාවගේ වුවමනාවන් ඉටුකරන්න විකල්ප දේශපාලන ප්‍රතිපත්තියක් සහිත බලවේගයක අවශ්‍යතාවය මතුවෙලා තිබෙනවා. ඒ විකල්පයට දේශපාලන නායකත්වයක් ලබාදීම සඳහා තමයි ජාතික ජනබලවේගය ගොඩනැගෙන්නේ. ජනතාව ආර්ථික පීඩාවෙන් මුදාගන්න විකල්ප ආර්ථික ප්‍රතිපත්තිය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි.

ගොඩනගමු ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති මාලාව අපි එළිදැක්වූවේ පසුගිය පෙබරවාරි 19 වැනිදායි. එය ඉදිරිපත් කළේ ජාතික ජන බලවේගයේ සාමාජික සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානයයි. එම ජාතික ප්‍රතිපත්ති මාලාව පදනම් කරගෙන තමයි අපි  මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ. එම ප්‍රතිපත්ති  මාලාවේ අධ්‍යාපනය සෞඛ්‍ය තොරතුරු තාක්‍ෂණය කෘෂිකර්මාන්තය ප්‍රවාහනය කලාව සංස්කෘතිය ජාතියගොඩනැගීම පුරවැසිවගකීම් විදේශ ප්‍රතිපත්තිය ජාතිකආරක්‍ෂාව ජාතික සමගිය වංචා දූෂණ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම යන සියලුම ක්‍ෂේත්‍ර පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය කර තිබෙනවා. ගෝල්ෆේස් රැලියෙන් පසුව ඒ ගැන කලබල වුණු ඇතැම් දේශපාලන කණ්ඩායම් අපිට චෝදනා එල්ල කරනවා, අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළාට ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ නැහැ කියලා. ඒක පදනම් විරහිත චෝදනාවක්. අපි මීට මාස ගණනකට ඉහත දී තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න පුළුවන් අපේක්‍ෂකයෙක් අපි ඉදිරිපත් කළා. දැන් ජනතාවට කල් බලන්න දෙයක් නැහැ. තීරණය ගත යුත්තේ ජනතාවයි.

රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩගන්න ජනතාවගේ බඩගින්න නිවන්න තරුණයන්ගේ විරැකියාවට උත්තරයක් හොයන්න ඉඩම් පිළිබඳ  ප්‍රශ්නය විසඳන්න දේශපාලන සිරකරුවන්ගේ ගැටලු විසඳන්නනම් ජාතික ප්‍රතිපත්තියක් දෙපයින් සිටවන්න ඕනෑ. ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපතිවරයාට පමණක් රට සංවර්ධනය කිරීමේ හැකියාවක් නැහැ. එම ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවීම සඳහා ආණ්ඩුබලයකුත් අවශ්‍යයි. 19 සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයාට විධායක බලතල නැහැ. ඔහුට ඇමති ධුර දරන්න හැකියාවක් නැහැ. සේනාධිනායකයා ජනාධිපතිවරයා වන අතර ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලය විදේශ තානාපතිවරුන් පත්කිරීම ඇතුළු විධිවිධාන ප්‍රමාණයක් තිබෙනවා. නමුත් රට ගොඩනැගීමේ ක්‍රියාවලිය ආණ්ඩුව මත පදනම් වෙනවා. අපි ඒ බව කලින්ම දැක්කා. ඒ සඳහා තමයි අපි දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරලා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළේ. අපි ගෝල්ෆේස් පිටියට ආවේ ඊට පෙර  අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විශාල පිරිසක් සමඟ දීර්ඝ  කාලීන සාකච්ඡාවන් සාර්ථක වීමෙන් පස්සේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන්න සියලු ක්‍ෂේත්‍රවල ප්‍රවීණයෝ, විශ්විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරු කලාකරුවෝ වෘත්තිකයෝ විශාල පිරිසක් සම්බන්ධ වුණා. ඒ වගේම රටේ සෑම ප්‍රදේශයකම ගිහින් අපි ජනතාව සමඟ අදහස් හුවමාරු කරගත්තා. ඒ වගේම ඒ ඒක්‍ෂේත්‍රයන් පිළිබඳව දත්ත වාර්තා තොරතුරු පදනම්කර ගෙන තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කළේ.

18 රැලියෙන් පස්සේ ඇතැම් පිරිස් කලබල වෙලා. ගම්මන්පිල වගේ දේශපාලනඅ තදරුවන් ගෝල්ෆේස් රැලිය පිළිබඳව විවිධ කතා කියනවා. මේ දේශපාලන අතදරුවන් අවධානය දිනාගන්න සෙල්ලම්බඩු පොළොවේ ගහනවා. අපි ඒවා ගණන් ගන්නේ නැහැ. සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව නියෝජනය කරමින් රට ගොඩනැගීමේ තීරණාත්මක සන්ධිස්ථානය අපි පසුගිය 18 වැනිදා ගෝල්ෆේස් පිටියේ දී සනිටුහන් කළා. රට වෙනස් කිරීමේ යෝධ පියවර තැබුවා. ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කොට තිබෙන අනුර දිසානායක සහෝදරයා මහ පොළොවේ පය ගහපු ගොවි ධීවර ශිෂ්‍ය කම්කරු ජනතාවගේ හදගැස්ම හඳුනන දේශපාලන පරිණතභාවයක් තිබෙනඅ වුරුදු ගණනාවක් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණු සහෝදරයෙක්. ඔහු සමඟ අපි ජනාධිපතිවරණයට සූදානම්.

තව මාස 3කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එජාප රාජපක්‍ෂ කඳවුරේ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් නැහැ. ඔවුන්ගේ ප්‍රතිපත්තිසමානයි. හොරකම නාස්තිය, දූෂණය ඒ කඳවුරේ ජාන ලක්‍ෂණයයි. ඒ අපේක්‍ෂකයින්වටා ඉන්න බොහෝ පිරිසක් චූදිතයින් අපරාධකාරයින් අධිකරණවල නඩු තිබෙන පුද්ගලයින්. ඒ අයත් එක්ක කොහොමද  ජනතාවාදී පාලනයක්හදන්නේ ආර්ථිකය ගොඩගන්නේ@ ඔවුන් රට ගොඩනගන්න සුදුසුද@ පහුගිය වසර 70ක කාලය තුළ රට හදන්න බැරිබව ඔවුන් විසින් ඔප්පුකර තිබෙනවා. ඒ නිසා එම හොරුන්ගේ කඳවුරට එරෙහිපිල ජාතික ජන බලවේගයයි. ජනතාවට තිබෙන එකම විකල්පය ජාතික ජන බලවේගයයි. අපිට හොඳ ප්‍රතිපත්තියක් තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීම සඳහා හොඳ දේශපාලන නායකත්වයක් තිබෙනවා එම ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවීම සඳහා මැදිහත් වන ලෙස ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දෙනාට අපි ආරාධනය කරනවා.                                                                                                                                                     

ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණවල දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි යන තීන්දුවට අනුව කටයුතු කර තිබෙනවා. එක්පැත්තකින් ජනතා විමුක්තිපෙරමුණේමතයමේවනවිට මතවාදීව ජයග්‍රහණයකොට තිබෙනවා. විධායක ජනාධිපතික්‍රමය හඳුන්වා දුන් එක්සත් ජතික පක්‍ෂය පවා මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයට පැමිණ තිබෙනවා. අපි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ ජයග්‍රහණයකිරීමේ අරමුණින්. ඒ වගේම ඉන් නොනැවතී රටේ ආණ්ඩුබලය ලබාගැනීම දක්වා වන දීර්ඝ ක්‍රියාවලිය පිළිබඳව මනා සැලසුමකින් තමයි අපි මෙවර තරග වදින්නේ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉදිරියේ දී විවිධ දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කරන්න අපි මේ වන විට තීරණය කොට තිබෙනවා.

මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික පළාත්සභා මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුනආරච්චි මහතා ද සහභාගි විය.

ප්‍රියසිරි රණසිංහ

 

Check Also

ශ්‍රි.ල.නි.ප. සහාය සජිත්ට දෙන තීරණය දැනුම්දීම 05දා

ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *