Breaking News
Home / Films / ‘‘සංසාරේ දඩයක්කාරයා’’ ගැන විද්වත් කතිකාවක්

‘‘සංසාරේ දඩයක්කාරයා’’ ගැන විද්වත් කතිකාවක්

සිනමා, වේදිකා නාට්‍ය, සංගීතය, සාහිත්‍ය, මාධය හා නර්ථන වැනි අංශ තුලින් විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමේ මාසික වැඩසටහනක් ලෙසින් ‘‘ CSR කලා කෙත’’ මගින් සංවිධානය කරනු ලබන සිනමාවේදී ප‍්‍රසන්න ජයකොඩිගේ ‘‘සංසාරේ දඩයක්කාරයා’’ සිනමා කෘතිය සම්බන්ධ විද්වත් සිනමා කතිකාවක් අගෝස්තු 31 වන සෙනසුරාදා සවස 1.00 සිට චිත‍්‍රපට ප‍්‍රදර්ශනයද සමග මරදාන ඞීන්ස් පාරේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙම විද්වත් කතිකාව සදහා ප‍්‍රවීන විචාරක ජයතිලක කම්මැල්ලවීර, විචාරක කේ. කේ. සමන් කුමාර, රසික කොටුදුරගේ විද්වත් අදස් දැක්වීම සිදු කරනු ලබන අතර, ප‍්‍රවීන මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ සභාව මෙයෙැවීම හා විවේදනය සිදු කරනු ලබයි.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධය එ්කකයේ පූර්ණ අනුග‍්‍රහයෙන් පැවැත් වූ මෙහි සංවිධාන හා සම්බන්ධීකරණ සහාය ‘‘ කෙටි චිත‍්‍රපට සංගමය’’ හා ‘‘ ශ‍්‍රී ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය’’ මගිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *