Breaking News
Home / News / මුස්ලිම් විවාහ වයස් සීමාව අවු 18 වෙයි.

මුස්ලිම් විවාහ වයස් සීමාව අවු 18 වෙයි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ශංශොධනය කිරීම සඳහා පසුගියදා  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය පත්වූ අවස්ථාවේදී අනුමැතිය හිමි විය.

ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදංචි කිරීමේ ක්‍රමවේදය හා විවාහවීම සදහා කැමැත්ත ප්‍රකාහ කිරීම ආදිය සංශොධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ  විවාහ සහ දික්කසාද ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්, මුස්ලිම්  විවාහ සහ දික්කසාද පනත හා ඒ සදහා වන සංශෝධන මගින් විධි විධාන සලසා ඇත. එම පනතේ ඇතැම් විධිවිධාන  සංශොධනය විය  යුතු බවට මුස්ලිම් ජනතාව මගින් සහ මානහිමිකම් සුරැකීමේ ක්‍රියාකාරීන්ගෙන් ඉදිරිපත් වු අදහස් සැලකිල්ලට ගනිමින් තැපැල් සෙවා හා මුස්ලිම් කටයුතු බාර අමාත්‍යවරයා සහ අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යවරිය එකාබද්ධව මෙම යොජනාව ඉදිරිපත් කර තිබිණි.

මෙම නව පනත මගින් විවාහ වන මුස්ලිම් තරුණියකගෙ අවම  වසස් සීමාව අවුරුදු 18 ලෙස සංශොධනය කෙරේ.

 

Check Also

ඩෙංගු සහ මී උණ හිස ඔසවයි

වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු යළිත් හිස  ඔසවා ඇති අතර  මී උණද හිස ඔසවා ඇත. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *