Breaking News
Home / News / Sports / වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ ත්‍රෝ බෝල් ශූරයන්ගේ මැලේසියා සංචාර සිහිනය සැබෑ වෙයි.ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන් ලක්ෂ 15

වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ ත්‍රෝ බෝල් ශූරයන්ගේ මැලේසියා සංචාර සිහිනය සැබෑ වෙයි.ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන් ලක්ෂ 15

මෙවර සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 20න් පහල ත්‍රෝ බෝල් තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත් වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ ක්‍රීඩකයින්ට මැලේසියාවේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න් පහල ත්‍රෝ බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව උදාවී ඇත
නමුත් ඉතා දුෂ්කර දිවි පෙවතක් ගෙවන මෙම දරු දැරියන්ට ඒ සංචාරය සදහා වැය වන ලක්ෂ 21 ක මුදල සොයා ගැනීම සිහිනයක් ව තිබිණි විවිධ අංශ මගින් සුළු වශයෙන් උදව් උපකාර ලැබුණත් එය ප්‍රමාණවත් නොවීම නිසා සමහර ක්‍රීඩකයින් වැලි ගොඩ දැමීමට පවා යොමු වූයේ කෙසේ හෝ මෙම මැලේසියා සංචාරය ගොස් ශ්‍රී ලංකාවට ශුරතාව ලබා ගැනීම උදෙසාය.
මෙම පුවත දුටු සැනින් ක්‍රීඩා විෂය භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එම විද්‍යාලයේ විදුහල්පති හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍යාංශය වෙතකැඳවීය. ඒ අනුව අද (20) දින අමාත්‍යතුමාගේ කාර්යාලයේදී වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමාත්‍යතුමා මුණ ගැසුණු අතර  එහිදී අමාත්‍යවරයා ඔවුන් සුහදව පිළිගෙන දක්ෂතාවන් අගය කරමින් මෙම මැලේසියානු සංචාරය සදහා අවශ්‍ය ඉතිරි මුදල වන රුපියල් ලක්ෂ 15 ක් ලබා දීමට නිළධාරීන්ට උපදෙස් දෙමින් ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු ඉදිරියේදීත් වඩාත් සාර්ථක කර ගැනීමට සුභ පැතුම් එක් කළේය
-ප්‍රසාද් සේනාධිර

Check Also

නැගෙනහිර ආසියානු මූ තායි (තායි බොක්සිං ) තරගයෙන් ශ්‍රීලංකාවට රන්පදක්කමක්

හොංකොං  හිදි පැවැත් වූ  නැගෙනහිර ආසියානු මූ තායි (තායි බොක්සිං ) තරගාවලියේදි  ශ්‍රී  ලංකාව රන්පදක්කමක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *