Breaking News
Home / News / ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයන් නම් කිරීම ‘අද නොවේ හෙට‘ ජවිපෙ අපේක්ෂකයාගේ අරමුණ ඡන්ද කැඩීම

ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයන් නම් කිරීම ‘අද නොවේ හෙට‘ ජවිපෙ අපේක්ෂකයාගේ අරමුණ ඡන්ද කැඩීම

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත්  සිය ජනාධිපති අපේකෂකයා නම් කිරිම තවදුරටත් කල් හරීමින් සිටීන  තත්ත්වයක් උදාවී තිබේ.   

ලබන 11දා පොහොට්ටුවේ ජනාධිපති  අපේක්ෂකයා නම් කිරීමට නියමිතව තිබුණු  නමුත් එය තව දුරටත් කල්දැමීමට මහින්ද රාජපක්ෂ මහතා අදහස් කොට  ඇතැයි දැනගන්නට තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා  නම් කිරීම සම්බන්ධයෙන්ද පක්ෂය තුළ අර්බුදයක් මතුවී ඇත්තේ සජිත් ප්‍රෙමදාස අමාත්‍යවරයා ජනාධිපති අපේකෂයා ලෙස නම් කිරීමට රනිල් වික්‍රමසිංහ  මහතා ප්‍රමුඛ ඔහුගේ  හිතවාදීන්  කකුලෙන්  අදිමින් සිටින බැවිනි. ඒ සම්බන්ධයෙන්  රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වී ඇත. කෙසේ වෙතත් සජිත් ප්‍රෙමදාස මහතාගේ අපේකෂකත්වය තහවුරු කිරීමේ යොධ ජන රැළියක්  ලබන 12  බදුල්ලේදී පැවැත්වීමට  දැනටමත් කටයුතු  යොදා අවසන්ය.

මේ අතර මෙතෙක් කල්  ශ්‍රී ලනිපයේ ජනාධිපති  අපේක්ෂකයා වීමට කල් යල් බලමින් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  එම අදහස අතහැර පොහොට්ටුවට සහාය දීමට තීරණය කොට ඇතැයිද වාර්තා වෙයි.

ජනතා විමුක්ති පෙරමුණ ලබන 18 තම අපේක්ෂකයා නම් කිරීම සිදු කෙරෙන අතර තම පක්ෂයේ අරමුණ ඡන්ද කැඩීම බව  ලාල් කාන්ත මහතා පවසයි.  ජවිපෙ මගින්  දිනන්න බැරි අපේක්ෂකයකු දමා ඡන්ද කඩා මේ කරන්නේ  සැබෑ සතුරා පරාජය කිරීමේ අවස්ථාව  නැති කිරීමක් නොවේදැයි ‘අනිදදා ‘පුවත්පත සමග කළ සාකච්ඡාවකදී ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ලාල් කාන්ත මහතා පවසා ඇත්තේ ‘‘ඒක  චෝදනාවත් විදියට බාර ගන්නේ නෑ. ඒක  ගෞරවයක්. දැන් ඡන්ද කඩන එක තමයි කරන්න ඕනෙ වැඩේ‘ කියාය.

Check Also

මාතරට සහ මාතලේට ‘සජිත් එනවා‘

‘සජිත් එනවා‘ මැයෙන් එ.ජා..ප. නියෝජ්‍ය නායක හා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *