Breaking News
Home / Uncategorized / දයාසේන ගුණසිංහයන් සිය මෙහෙවර අතිශය වගකීමෙන් ඉටුකළා -කීර්ති වැලිසර

දයාසේන ගුණසිංහයන් සිය මෙහෙවර අතිශය වගකීමෙන් ඉටුකළා -කීර්ති වැලිසර

” මට මතක් වුනා දයාසේන ගුණසිංහ මහත්මයා කියන නම ඇහෙනවත් එක්කම එතුමා ලිවුව එක් තීරු ලිපියක්. ඒ තමයි එවකට සිටිය ප්‍රධාන රාජ්‍ය පාලකයා කිවුවා අසීමිත බලයක් තමන්ගෙ අතට අරගෙන මට මේකෙන් කරන්න බැරි ගැහැණියක් මිනිහෙක් කරන්නත් පුරුෂයෙක් ස්ත්‍රියක් කරන්නත් ස්ත්‍රියක් පුරුෂයෙක් කරන්නත් බැරි එක විතරයි. අනික් සේරම පුලූවන්. හැබැයි එහෙම කියපු ජන නායකයට එහෙම කිවුවට ටිකක් දවසක් යද්දි ඒ ප්‍රතිපත්තියෙ ඉන්න බැරිවුනා. එයාට පමණක් නෙමෙයි එයාගෙ ඇමති මණ්ඩලයට, මන්ත්‍රීවරන්ට ගම්වලට යන්න බැරි තත්වයක් උද්ගතවෙනවා. එතකොට එයා කියනවා තම තමන්ගෙ ආරක්ෂාව තම තමන් බලාගන්න කියලා. ඒ වෙලාවෙ පුවත්පතක  ප්‍රධාන කතෘවරයෙක් කතුවැකියක් ලියනවා. දයාසේන ගුණසිංහ. එතුමා මතක් කරලා දෙනවා. මෙහෙම කියපු රාජ්‍ය පාලකයෙක් ඉන්නෙ. ගෑණියෙක් මිනිහෙක් කරන්න බැරි මිනිහෙක් ගෑණියෙක් කරන්න බැරි රාජ්‍ය පාලකයා. ඒ කියන්නෙ එහෙම බලයක් තියෙනවා කිවුව පුද්ගලයා දැන් කියනවා අපට අපේ ආරක්ෂාව අපි සලස්සගන්න කියලා. මෙහෙම කියන්න පුලූවන් ගැහැණියක් හෝ මිනිහෙක් නොවන කෙනෙකුට පමණයි කියලා නිර්භීත ප්‍රකාශයක්. ඒ නිසා තමයි වහාම ක්‍රියාත්මක වෙන්නෙ ප්‍රධාන කර්තෘ ධූරයෙන් අයින්වෙලා ගෙදර යන්න සිද්ධවුනේ. හැබැයි ගෙදර ගිහිල්ලා සැනසිල්ලෙ ඉන්න ඇති. ඒ මොහොතෙ කිවයුතු කාරණය නිර්භයව කිවුවා. මට ඒ සිද්ධිය මතක් වුනා.

තවත් සිද්ධියක් නිසා මට එතුමා මතකයි. මගේ මතකයේ ඇති. මම අවුරුදු 17 දි පමණ තමයි ලියන්න උත්සහා කලේ දේවල්. මේක කිවුවට කමක් නැහැ එතුමාට කරන ගෞරවයක් වශයෙන්. අවුරුදු 17 දි විතර ලියන්න පටන් ගත්තා. අවුරුදු 27 වෙන කොටත් මම ලියමින් හිටියා. හැබැයි මම කිසිවක් පළ කරලා තිබුණෙ නැහැ. මගේ මිත්‍රයො මට දොස් කියන්න ගත්තා. මට නරක විදිහට කතා කරන්න ගත්තා. ඇයි මේවා පළනොකරන්නෙ. මං කිවුවා පළ කරන්නෙ මොකටද  පළ කරලා වැඩක් තියෙනවද දන්නැහැනෙ. හැබැයි එක් පුද්ගලයෙක් හිටියා බොහොම දරුණු විදිහට මාව පොළඹවන්න පටන් ගත්තා. එයා බලහත්කාරයෙන් කියෝනවා. මං කල්පනා කරනවා මෙච්චරම කියවන එකේ මේ එක කෙටිකතාවක් කාටහරි දෙන්න ඔිනා. කියවන්න. කියවලා පත්තරෙක් හරි පළකරන්න. කවුද කියවන්නෙ. කාටද දෙන්නෙ මට මතක් වෙච්ච නම තමයි. දයාසේන ගුණසිංහ. මම ඩබ් කේ පෙරේරා කියලා තමයි හිටියෙ. උප්පැන්නෙ තියෙන විදිහට ඩබ්ලිව් කීර්ති පෙරේරා. ඩබ්ලිව් කිවුවෙ වැලිසර එතකොට පෙරේරා පස්සෙ ආවෙ.  මම මේ කෙටිකතාව අරගෙන දයාසේන ගුණසිංහ මහත්තයව හමුවෙන්න ගියා.  මම චිට් එකක් ලියලා අර ප්‍රධාන කර්තෘ හමුවෙන්න කියලා එතන හිටපු අය එච්චර උනන්දුවක් දැක්වුයෙ නැහැ. නමුත් මට අවස්ථාව දුන්නා. පැයක් හමාරක් ඉදගෙන හිටියට පස්සෙ ඒගොල්ලො මගේ ඒ චිට් එක  දයාසේන ගුණසිංහ මහත්තයට දීලා තිබුණා. පස්සෙ මට තවත් පැය භාගෙකින් විතර එන්න කිවුවා. මම ගියහම වාඩිවෙන්න කියලා මොකද කියලා ඇහුවා. දැන හැදුනුම්කමක් මොකුත්ම නැතිවම දැන් මේ ඇවිල්ලා ඉන්නවා. මම කිවුවා මම මේ කෙටිකතා කිහිපයක් ලියලා තියෙනවා. එකක් අරගෙන ආව දිවයින ඉරිදා සංග්‍රහයෙ පළකරගන්න.එහෙමමයි කිවුවෙ. එතකොට හිනා ගියා. මොකද දිවයින ඉරිදා සංග්‍රහයෙ කෙටිකතා පළකරන්නෙ ඉතාම ප්‍රවීණ ලේඛකයන්ගෙ. මේවා ආධුනිකයන්ගෙ ඒවා පළකරන්නෙම නැහැ. ඒ ගමන කිවුවා හොදයි මම කියවලා බලන්නම්කො මොනවද කරන්නෙ කියලා.  මං බලන්නම්කො කියලා කිවුවා. මම දයාසේන ගුණසිංහයන් මහත්මයට ඊළග සිනහවට අවශ්‍ය කාරණය සැපයුවා. මම ඒ තරම්ම මෝඩයි ඒ වෙලාව වෙනකොට. මේ කෙටිකතාවෙ නම නිදහස් උදැසන. මම ජනවාරි මාසෙ අවසන් සතියෙ එහෙට ගියෙ. මම කිවුවා මේක නිදහස පෙබරවාරි 4 වෙනිදා. ඒ ආසන්නම දිවයින ඉරිදා සංග්‍රහයෙ යනවා නම් මං කැමතියි කියලා. දයාසේන ගුණසිංහ මහත්තයා ආපහු හිනා වුනා. කියවලත් නැහැ. තීරණයක් අරගෙනත් නැහැ. නමුත් මම කියනවා මේක පළකළ යුතු දිනය කවදද කියලා. මං කිවුවා මං එහෙනම් ගිහිල්ලා එන්නම් කියලා. මටත් ටිකක් ලැජ්ජයි එනකොට. මං මොනවද පිස්සෙක් වගේ අර කියෙවුවෙ කියලා. හැබැයි මට විශ්වාසයක් තියෙනවා. 04 වෙනිදා නිදහස් දිනය. 03 වෙනිදා තමයි පත්තරේ ඉරිදා. ඉතින් මං ඉරිදා දිවයිනක් මිලට අරගත්තහම කෙටිකතාව පළ කරලා තිබ්බා. විනී හෙට්ටිගොඩගෙ චිත්‍රයකුත් එක්ක. මං මේ කිවුවෙ ආධුනිකයෙකුට එතුමා කරපු අනුග්‍රහ දැක්වීම. අනුග්‍රහ කිවුවෙ මාව සතුටු කරන්න නෙමෙයි. යම්කිසි හේතුවකට තමයි. හැබැයි මට දිගු කලක් කතාබහ කරගන්න වුනේ නැහැ. මට හමුුවුනේ එදා තමයි. ජීවිතේ ප්‍රථම වතාවට. මම අද සතුටු වෙනවා. මට දුකක් තියෙනවා කාරණයක් තමයි මහගම සේකර මහත්මාව හමුවෙන්න බැරිවෙච්ච එක. හැබැයි දයාසේන ගුණසිංහ මහත්මයව එදා එහෙම හම්බවෙන්න ලැබැච්ච එක ගැන මම අද හු`ගක් සතුටු වෙනවා. මට පැවරිලා තියෙන්නෙ එතුමාගෙ කෙටිකතා ගැන කතා කරන්න.

‘කේතුමතී හෝටලයේ රාත්‍රියක් ‘ කියන කෙටිකතාව ඔබ අතත් තිඛෙනවා. අපි බලමු මේ ඇසුරින් දයාසේන ගුණසිංහ මහත්මයාගෙ කෙටිකතාවේ ඔහු කවර ස්ථානයක කටයුතු කලාද කියලා. අපට කවර තරමේ ආනන්දයක් ප්‍රඥාවක් දැක්මක් ඒ ඔස්සේ අපට දයාසේන ගුණසිංහ මහත්මයා ප්‍රධානය කලාද කියන කාරණය. කේතුමතී රාජධානිය කියනවත් එක්කම මට හිතෙන්නෙ උත්ප්‍රාසීය යෙදුමක් හැමදේම තියෙන සර්ව සම්පූර්ණ මේ රාජධානියක් අපේ සිහියට එනවා. හැබැයි එබ`දු හෝටලයක රාත්‍රියක්. දයාසේන ගුණසිංහ මහත්මයාගෙ හැම ලියවිල්ලකම උපහාසයකු=ත් අත්ප්‍රාසයකුත් තිබුණා. මෙතනත් ඒ වගේ. මේ කෙටිකතාවට පසුබිම් වන්නේ අර මං කලිනුත් කියපු 1977 න් පස්සෙ මේ රටේ ඇතිවන විවෘත ආර්ථිකයෙන් පස්සෙ වහා වහා විකරණය වෙන්න පටන් ගත්තා. පුදුමාකාර ආත්ම කේන්ද්‍රීය බවක් මේ සමාජයේ වෙලා තිබුණා. හැමෝම කල්පනා කරන්න ගත්තා පුද්ගලයෙක් වශයෙන් තනිව අපි කොහොමද ඊළ`ගතියන්නෙ අපි කොහොමද හැකිතාක් අත්පත්කරගන්නෙ. ඒකෙ සීමාවක් තිබුන් නැහැ. කොතෙක්ද මොකක්ද කියලා එහෙම මැනුමක් නැතිව හැකිතාක් අත්පත්කර ගැනීමක්. අද වන විටත් බරපතල ලෙස ව්‍යවසනයක් හැටියට වර්ධනය වෙලා තියෙනව. මේ ආත්ම කේනද්‍රීය චින්තනයේ ආරම්භය තමයි එතන. ඒත් එක්කම  ධනය කියන එක සල්ලි කියන එක උත්කර්ෂයට පත්වෙනවා.. අනික් සියළුම සාරධර්මද මනුස්ස ධර්මද සියල්ල යටපත් කරගෙන එකම අභිප්‍රාය ධනය බවට පත්වෙලා. ධනය කොපමණක් අත්පත්කරගන්නේද එපමණක් තමන්ගෙ ජීවිතයෙ අර්ථය හැටියට. ජීවිත අර්ථය ධනය. ආත්ම කේනද්‍රීය බව. අපිව වෙළ`දපල විසින් හසුරවන්න පටන් ගැනීම ආරම්භ වනව. අපට ඕනි විදිහට නෙමෙයි. අපට ඕනි බඩුව නෙමෙයි අපි මිළදී ගන්නෙ වෙළ`ද පලට ඕනි බඩුව අපි අරගෙන ගෙදර එන්නෙ ගන්නෙ. අපිව වෙළ`දපලේ අත තියෙන නූලෙ රූකඩ බවට පත්වෙනවා.

ඒක තමයි ශ්‍රීලාංකික ජන සමාජයෙ ඇතිවෙච්ච මේ විපර්යාසය. එතකොට මේ කේතුමතී හෝටලයෙ රාත්‍රියක් කියන කෙටිකතාවට දයාසේන ගුණසිංහ මහත්මයා නිර්මාණ පසුබිම හැටියට අරගන්නෙ මෙන්න මේ කියන සමාජ දේශපාලන පසුබිම. ඓතිහාසික සමාජ දේශපාලන පසුබිම. දයාසේන ගුණසිංහ මහත්මයා කිසිසේත්ම තමන්ගේ නිර්මාණයන් ස්ථානගත කරන්නෙ නැහැ හුදු පුද්ගල බද්ද කාරණා පමණක් ඉදිරිපත් කරන්න. එතුමාගෙ සියළු නිර්මාණවල අපි දකිනවා. ඒක සුවිශේෂ ලක්ෂණයක්. ඒ නිර්මාණ, ඒ චරිත, ඒ අවස්ථා, සිද්ධි සියල්ලම හැසිරෙන බරපතල සමාජ දේශපාලන ආර්ථීක පසුබිමක් තියෙනවා. ඒ පසුබිම අතිශය තීරණාත්මකයි. අතිශය වැදගත්. අතීශය අපගේ අනගාතය කුමක්ද කියන දිශානතිය පාඨකයාට ප්‍රධානය කරන්නෙ. ඒ නිසා මේ පසුබිම වැදගත්. දැන් අපි දන්නවා නිර්මාණයක ඉතාම වැදගත් පාර්ශවය තමයි තේමාවක ගැඹුර. තේමාව කියන්නෙ මොකක්ද කියල බැලූවොත් කෙටිකතාවක හෝ නවකතාවක කවියක වෙන්න පුලූවන් ඒ අන්තර්ගත සියල්ල, සමස්ථය, සමස්ථයේ හරය තේමාව. මෙහිදී මම දකිනවා කේතුමතී හෝටලයේ රාත්‍රියක් තේමාව කරගන්නෙ මේ නව ලිබරල් ධනවාදයේ රුදුරු මුහුණුවර. වෙන  වචනයක් නැහැ කියන්න.  සාරධර්ම අර අපි කලින් කිවුව වගේ ඥාති සම්බන්ධතා. පිය පුතු දෙමව්පියන් හා දරුවන් අතර ඥාතීන් අතර යහපත අයහපත, සද් අසද් භාවය පිළිබද මේ සියල්ල. දැන් මේක තවත් කෙනෙක්ට කියන්න පුලූවන් නිදහස කියල. එහෙමනෙ කියන්නෙ ලිබරල් නිදහස. අපි භුක්ති විදින්නෙ ලිබරල් මානවීය නිදහස. හැබැයි ඒ නිදහස ක්‍රියාත්මක වෙනකොට මනුස්සත්වය මොනතරම් දූවිල්ල බවට පත්වෙනවද ?

දයාසේන ගුණසිංහ වගේ නිර්මාණකරුවෙක් ඉතාමත් තීක්ෂණ විදිහට මේ මොහොත, මේ කාරණය තමන්ගෙ කෙටිකතාව සදහා තේමාවට භාවිතා කරලා තියෙනවා. ඒ නිදහසේ වැසුණු සාහසික ස්වරූපය, ඒක මොනතරම් විනාශකාරීද ? ඒක මොනතරම් විනාශකාරී මාවතකද අපිව රුගෙන යන්නෙ කියන කාරණය.  සියල්ල මුදලට විකිණෙන ඒත් එක්කම අනික් පැත්තෙන් සංවර්ධනය. ඒක මහ මුලාවෙන් මායාවෙ සංවර්ධනය. දැන් මේ කෙටිකතාව තුළ මේ සියල්ල සාකච්ඡා වෙනවා. වස්තු විෂය වශයෙන්. දැන් සංවර්ධනය ඒක මොන ක්‍රමයටද අපි ල`ගාකර ගන්නෙ. අපිට අවශ්‍ය සංවර්ධනයක්ද අපි අරගන්නෙ. අපි ඉතාම හො`ද සංවර්ධිත මිනිසුන් ලෙස ඉ`දලා. අපේ ඒ සාරධර්ම, මනුස්සත්වය, දෙමාපිය දූ දරුවාගේ සම්බන්ධතා මේ සේරම අතහැරලා කෘතීම සංවර්ධනයක්. අර අපි කිවුව ලිබරල් ව්‍යුහයන් සොයන්නෙ. ඒ හායන, ප්‍රථීපල මොනතරම් භයානකද කියන එකත් ඒ කවර හායනයක් සිදුවුනත් අපේ හදවත බේරාගැනීමේ ඉඩකඩ සම්පූර්ණයෙන් ඇහිරී නැත කියන සංඥාව, සලකුණ මේ නිර්මාණය ඇතුළෙ තියෙනවා. ඒත් එක්කම මේ කෙටිකතාව ඔබ හැම කියවා ඇතිි කියලා විශ්වාස කරනවා. අපි පොඩ්ඩක් කතා කරන්න කැමතියි මේ කෙටිකතාවෙ වස්තු විශයත් ප්‍රදේශයත් ඒ ඔස්සේ කතුවරයාගේ දෘෂ්ඨිය පිළිබ`ද යමක්. දැන් මෙතෙන්දි එක්තරා තරුණියක් පරිණතියට ආසන්න වෙමින් තරුණයක් ඔහුගේ රාජකාරි ගමනක් ව්‍යාපාරික කටයුත්තකට ගිහිල්ලා ඔහුට හමුවෙනවා පාසැල් මිතුරෙක්. මේ පාසැල් මිතුරත් එක්ක සාකච්ඡාවෙදි ඔහුට එළිදරව් වෙනවා ඔවුන් පාසැල් යන අවධියේ මේ ජයදේව නමැති තරුණයා නිරන්තරයෙන් ආව ගිය කිසියම් ධන කුවේරයෙක් ඒ දවස්වල හිටිය. ඔහුගෙ පියාගෙන් ලැබිච්ච මහා ධනස්කන්ධයක් වියදම් කරලා කලායතනයක් විශ්ව කලායතනයක් බ`දු විද්‍යස්ථානයක් ගොඩනංවලා තියෙනවා. ඔහුගේ වලව්ව නැත්නම් නිවස චන්ද්‍රසේකර වලව්ව මේ සම්පූර්ණයෙන්ම අද වන විට භාවිතා කලේ සංගීතය නාට්‍ය වැනි වටිනා කලා භාවිතයන් ස`දහා. හැබැයි ඔහුගෙ මිතුරා කියන්නෙ ගිහිල්ලා බලන්න අද ඒකට වෙලා තියෙන දේ. අර රවීන්ද්‍ර සංගීතය ඒ කාලෙ බොහොම වටිනා කියන පුරුෂාර්ථ ගැන කතාවෙච්ච ශිෂ්‍යයො එකතුවෙච්ච මේ කලා නිකේතනය වගේ තැනට මොකද වෙලා තියෙන්නෙ. ඔයා ගිහිල්ලා බලන්න. ඒ චන්ද්‍රසේකර බංගලාව හෝටලයක් බවට පත්වෙලා. ඔහු එතනට යනවා. හෝටලය පිහිටි ක`දු මුදුන සහ ඒ අවට පරිසරය, ඒ රාස්සිගේ අව්ව වැටෙන තැන, එතන හරි ලස්සනයි.  ඔහුගේ ළමා වියට යන්නට මේ රාස්සිගේ අව්ව කියන්නෙ හැන්දෑවෙ වැටෙන ඉර අව්ව. මේ හැන්දෑවෙ වැටෙන ඉර අව්වෙන් වී වේලන්න පුලූවන්ද ? ඒක එච්චර සැර එකක් නෙමෙයි. හැබැයි රාස්සි ගැන තමන්ගෙ ළමා විය හා බැ`දි මතකයන් ඔහු නැවති අවාර්ජනයක් කරමින් චන්ද්‍රසේකර මැඳුරෙ තමන්ගෙ මෝටර් රථය නවත්තලා අවට බලනවා. ඒ චන්ද්‍රසෙකර වලව්ව මේ වන විට හෝටලයක් බවට පත්වෙලා. ඒ හෝටලයෙ ලබාගන්න බැරි දෙයක් නැහැ. ඒකෙ වේටර් කෙනෙක් ඉන්නවා. මේ ජයදේව ඒකට ගියහම වේටර් එකින් එකට පොළඹවනවා. මුලින් කෑම ගන්නවද දන්නෑ.. වෙලා වැඩියි.. එහෙනම් වෙන මොනවහරි ගන්න. ඩිනර් වලට කලින් මොනවා හරි ගන්නවද සර්.. වයින් විස්කි බ්‍රැන්ඩි හැමදේම තියෙනවා. වෙරි ගුඩ් සර්. සුදු මහත්තුරු ආවහම ඉල්ලන ඕලඩ් ඇරෑක්.. ඕල් රයිට් සර් සර්.. ටූ සෙකන්ඩ් සර්..ඒක හරි වැදගත් මිනිත්තු දෙකක් තුළ සපයන්න පුලූවක්  මේ වේටර් නිතර නිතර කියන වචනයක් ටූ සෙකන්ඩ් සර්. තත්පරයක් තුළ දෙන්න පුලූවන්. ඒ දීමේ සීමාව අපිට කෙටිකතාවෙ අවසානයේ පෙන්වනවා. ඕනි නම් ඔබට ගැහැණු කෙනෙකුත් එක්කනෙ එන්න ඕනි. තනිවම හු`දකලාවෙ නෙමෙයිනෙ එන්න ඕනි. හැබැයි ඒ නාවට කමක් නැහැ. අපිට ටූ දෙකන්ඩ් ගැහැණු කෙනෙකුත් දෙන්න පුලූවන්. ඒ තැනට ගේනවා. දැන් බලන්න අපේ සමාජය පත්වෙලා තියෙන්නෙත් මේ හෙමින් හෙමින් ඇවිල්ලා අද අපි සේරම මේ උගුලට අහුවෙලා නේද ? මේ පුද්ගලයා මෙතන්නට යන්නෙ ඇයි ? අතීතයේ තමන්ගේ ගුරුවරු ඒ අතීතයේ තිබිච්ච සංස්කෘතික ජීවිතයත් එක්ක බද්ද වෙච්ච කලාව, සංස්කෘතිය, සංගීතය එබ`දු තැන් නිධානගතවෙලා තිබුණ මේ තැනට ගිහිල්ලා බලන්න. ඔහු යන්නෙ නැහැ බොන්න. ඔහු යන්නෙ ඒ ස`දහා නොවෙයි. ඔහුට නවතින්න අවශ්‍යතාව තියෙනවා. මේ යන්නෙ බොන්නවත් ,ස්ත්‍රීයගෙ ඇසුර ලබන්නවත් නෙමෙයි. හැබැය ක්‍රමානුකූලව මේ වේටර් ගේනවා ඔහුව ඒ තැනට. හැම දෙයෙක්ම විනාඩියක් තුළ සැපයීමේ මේ ප්‍රතිමෝධක සංස්කෘතිය.

අද වනවිට අපේ වරාය නගරය මෙහා පැත්තෙ නෙළුම කුළුන ඉදිවෙද්දි අපි පාර්ලිමේන්තුවෙ අහනවා මේ ප්‍රතිමෝධක සංස්කෘතිය මෙහෙ ඇති කරන්න නම්, අපිට බැහැ කැසිනෝ නැතිව. මොකද ලෝකයේ අය එන්නෙ කැසිනෝ ගහන්න. කැසිනෝ ගහන්න එනවා නම් අපි කැසිනෝ ඇති කරන්න ඕනි. ඒකෙන් තමයි අපි සල්ලි හොයන්නෙ. මොනවටද ඒ සල්ලි ? කැසිනෝ ගහලා සල්ලි , කුඩු පාවිච්චි කරලා සල්ලි, සමහරු කියනවා කුඩු ගියාට කමක් නැහැ. අපට සල්ලි එනවනෙ. කුඩු හුවමාරු මධ්‍යස්ථානය වුනාට කමක් නැහැ. එහෙම කියන තැනකට අපි ඇවිල්ලා තියෙනවා. එදා මේක ඇතිවෙච්ච මුලම දයාසේන ගුණසිංහ වැනි ප්‍රාඥයින් මේක දැක්කා..

දැන් බලන්න කෙටිකතාවේ දී සාමාන්‍යයෙන් නවකතාවේදි වගේ චරිත නිරූපනයට මහා ඉඩක් වෙන්වෙන්නෙ නැහැ. කෙටිකතාවෙ තියෙන්නෙ චරිත නිරූපනයට ගොතනවට වඩා අවස්ථා සිද්ධියක් නිර්මාණය කිරීම. එය කොයි විදිහටද ප්‍රභලව ඉදිරිපත් කරන්නෙ කියන කාරණය. හැබැයි අපට පේනවා දයාසේන ගුණසිංහයන්ගෙ මහත්මාගේ කෙටිකතාවල ඉතාම ප්‍රභල චරිත නිරූපණයකුත් එනවා. ඒක සුවිශේෂ ලක්ෂණයක් දයාසේන ගුණසිංහ සහ තවත් කෙටිකතා නිර්මාණකරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. ඉතා ප්‍රභල විදිහට චරිත නිරූපණය කරනවා.

දැන් බලන්න අර මම කලිනුත් කිවුව වගේ ක්‍රමයෙන් මේ ජයදේව කියන චරිතයේ අපේක්ෂාවන් බීමට අනතුරුව ගැහැණියක් කැ`දවාගෙන ඒම දක්වා ඇදීයාම ඒ මනුස්ස ස්වභාවය දයාසේන ගුණසිංහයන් ඉතාමත් විචිත්‍ර විදිහටත් සංයමයෙන් යුක්තවත් මේ කෙටිකතාව තුළ තියෙනවා. පැත්තකින් ඔහුට අතීතයේ බලපෑම් මේ වේටර් සංකේතාත්මකව මේ අභිනව නව ලිබරල් චින්තනයේ නියෝජිතයා ඔහු කරන බලපෑම. අර හැමෝටම තියෙනවනෙ තමන්ගෙ අතීතකාමයත් එක්ක බැදුන අතීතයක් ඒ සියල්ලම සමග අප මුහුණ දෙන දේශපාලන කියවීමත් එකට අරගෙන තමයි මේ චරිතය නිරූපණය කරලා තියෙන්නෙ. හැබැයි එකක් තියෙනවා මේ පුද්ගලයා අවසානයේ අපට එකක් පෙන්වනවා. ඒ තමන්වෙත ගෙනාපු කාන්තාව එක්ක කතා කරනවා. ඒ කාන්තාවගේ ජීවිතය අතිශය ඛේදවාචකයක්. ඒක කොයිතරම් ද කියන සියුම් ඉංගිතයක්  දයාසේන ගුණසිංහයන් මේ කෙටිකතාව තුළ රදවනවා. මේ කාමරයේ ඇෙ`ද් ඇතිරිල්ල පොඩ්ඩක්වත් එහාට මෙහා වෙලා නැහැ. හැබැයි පහු වෙනිදා උදේ තමන්ගෙ මුහුණ ස්කාප් එකකින් ආවරණය කරගත්ත මේ තරුණියත් එක්ක ඒ පුද්ගලයා පිටවෙලා යනවා. ඒකෙන් අපට පැහැදිලි වෙනවා මේ තරුණියගේ ජීවිතය හරිහැටි තමන්ගේ අර තිරස්චීන ආසාවන්ට ගොදුරු කර නොගත්ත උදාර මනුස්සයෙකුගේ හැසිරීමක් ඒ ඔස්සේ බලාපොරොත්තුවක් අපට ගොඩ නංවනවා. මේ කවර තරමේ හායනයක් කවර තරමේ බරපතල සමාජ ඛේදවාචකයක් අතරේ අපට අපේ හදවත බේරා ගැනීමේ ඉඩකඩ සම්පූර්ණයෙන් නැත්තේ නැහැ කියන ආරාධනය මේ කෙටිකතාව තුළ තියෙනවා. මම මේ කෙටිකතාවේ එන මාමාගේ චරිතය. බලන්න මම කලින් කිවුවා මේ මුදල ආත්ම කේනද්‍රීය දේ එක්ක අපේ දුරස්වෙලා යන අතුගෑවිලා යන සාරධර්ම මනුස්ස ඛේදවාචකයක් මේක. තමන්ගේ ලේලියව තමයි මේ වේටර් මොහුට ගෙනත් දෙන්නෙ. ඒ වේටර්ට අවසානයේ හිතෙන්නෙ පිස්සු මහත්තයෙක් කියලා. හැබැයි අපිට මේ තරුණියව ඔහු හිතන්නෙ තමන්ගෙ ජීවිතය ඉතාමත් අසරණ භාවයට පත්වෙලා තමන් ළ`ගට ආව මේ තරුණියව විකුණලා යමක් හරිහම්බකර ගන්න තමයි මේ මාමා බලන්නෙ. ඒ මාම ලේලි සම්බන්ධතාවය එහෙමයි. මේ සිස්ටම් එක ඇතුලේ ඒවට ඉඩක් නැහැ. මේ සිස්ටම් එක ඇතුලේ ඉඩ තියෙන්නෙ මොනවද විකුණන්න පුලූවන් ඒකට. ලේලියවද, බිරි`දවද, දරුවන්ද ඒව විකුණනවා. එහෙම නොවිකිණෙන මනුස්සයෙක් එහෙම අපට යම් කිසි ආකාරයේ කොළ එළියක් පෙන්වනවා.

උපමා උපමේය කීමේ දයාසේන ගුණසිංහයන් තරම් ශුරයෙක් තවත් ඉන්නවද කියලා හිතෙනවා. හාරා ගන්නට ඔන්න මෙන්න කියා තිබියදී බහිරව මුවෙහි ගිලී ගිය ඉල්ලමක් තරම් අතුරුදන් වී ගිය ලේලිය ගැන ඔහුට දෝ සිතිණි. ශඑු කියන්නෙ අර මනුස්සයට පිස්සු. දයාසේන ගුණසිංහයන් අපට කියන්නෙ ඒ පිස්සුව හදාගනිල්ලා. ඒ පිස්සුව හදා ගැනීමෙන් තමයි ඒ ව්‍යවසනයෙන් අපට ගොඩ එන්න පුලූවන් වෙන්නෙ. ඒක අපට නොකියා කියනවා.

දයාසේන ගුණසිංහ මහත්මයා මේ කෙටිකතාව තුළ එක් පරම්පරාවක් හිතපු ආකාරය එක් පරම්පරාවක් අවශ්‍යයෙන් හිටපු සංස්කෘතික ජීවිතය ඒ සියල්ල වැළලී ගොස් මතුවෙච්ච අර මං කිවු ප්‍රතිමෝධක සංස්කෘතියේ ආරම්භය මේ කෙටිකතාව තුළ විචක්ෂණ ආකාරයෙන් සඳහන් කරනවා. මේ මාමා ගැන මම නැවත නැවතත් කල්පනා කලා. මේ මාමට තවපොඩ්ඩක් කාරුණික වුනා නම් හොදයි කියලා මට හිතුණා දයාසේන ගුණසිංහයන්. ඒ මාමා ගැන කණගාටුවක් ඇතිවුනා. ඒ මාමා වැටෙන්නෙ සියයට කීයටද කියලා මං කල්පනා කලා. හදවත බේරගත්ත මිනිස්සු තමයි අපට ඇතැම් තැන්වලදි හම්බවෙනවා. ඒ මිනිස්සු තමයි අපේ රටේ අනාගතය වෙනස්කරන්නෙ කවදාහරි. එහෙම හැකියාවක් අපට තියෙනවා. මං හිතන්නෙ දයාසේන ගුණසිංහයනේගෙ මේ කෙටිකතාව තුළ ඔහු අර සමාජ, දේශපාලන,  ආර්ථීක සන්දර්භය තුළ සාකච්ඡා කරන මේ කරුණු ඉතාමත්ම කාළීන වෙනවා. ඒ වගේම එහි අනාගත දැක්ම අපට අතිශය වැදගත්. එතුමාගේ මේ කෙටිකතාව පමණක් නොවෙයි එතුමාගෙ යක්ෂයාගේ රාත්‍රිය, කැනල් පාරේ නිශාචරයෝ . යක්ෂයාගේ රාත්‍රිය අපට මේ ළගදි නැවත මතක් වුනා අවි අමෝරාගෙන යනවා හොයන්න. තරුණ පුරුෂයෙක් සිංහල. ද්‍රවිඩ ස්ත්‍රියක් සරණපාවාගෙන. අර ජූලි ව්‍යවසනය වෙලා මාරයො වගේ හඹාගෙන එනවා මේ ගෙදරට. මේ ස්වාමියා තමන්ගෙ බිරි`දයි එයාගෙ ලේ කැටි දරුවයි අරගෙන එයාගෙ ගෙදර වැඩට එන කාන්තාවගෙ ගෙදරට ගිහින් පිළිසරණ පතන්නෙ. ඔය වෙලාවෙ ඔහුට පේනවා මොහෙතකින් හිටපු ගේ ගිනි තියනවා. ඇර එතන ඉන්න කාන්තාව ඒ යක්ෂයාගේ රාත්‍රියෙ කමන්ගෙ කම්බිලියෙන් වහලා ඇදේ සතපවලා කොස් කපන කැත්තත් අරගෙන දොරකඩ හිටගෙන ඉන්නවා කිසිකෙනෙක්ට ඇතුළට එන්න දෙන්නෑ කියලා. කපිතාන්ගෙ පුත්තු 71 අරගලය ගැන. ඒ මොහොතේ හමුදා එක්ක, පොලිසිය එක්ක අරගල කරගන්න ලැහැස්ති වුන තරුණ දරුවන් එක්ක සංසන්දනය කරන ඉතාමත්ම වටිනා නිර්මාණයක්. මං හිතන්නෙ ඒ නිර්මාණය 2017 ඉදලා උසස් පෙළ ළමයින්ට කියවන්න ලැඛෙනවා.

මං හිතන්නෙ දයාසේන ගුණසිංහ මහත්මයාගෙ කෙටිකතා ගැන කියනකොට අමතක කරන්න බැරි එතුමාගේ දෘෂ්ඨිය, මානව හිතවාදය. ඒ වගේම කෙටිකතාවේ ශිල්ප ධර්ම පිළිබදව නූතන ශිල්ප ධර්ම පිළිබද එතුමා තුළ පැවති හසල පරිණත බව. ඒ සියල්ලක්ම කපිතාන්ගෙ පුත්තු නිර්මාණය තුළ. එවගේම එතුමා මොනතරම් භාෂාව සම්බන්ධය පිළිබද තීක්ෂණද, ඒවගේම නිර්මාණශීලීද කියන කාරණය

(කළුතර දිස්ත්‍රික් ලේඛක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ,  පුවත්පත් කලාවේදී, ප්‍රවීණ ලේඛක හා කිවිවර දයාසේන ගුණසිංහයන්ගේ නිර්මාණ ඇගයීමේ වැඩසටහනක්  2019 ජූලි මස 13 වන දින බණ්ඩාරගම පතහවත්ත විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්විණි. එහිදී ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසර මහතා විසින් පැවැත්වූ දේශණයේ සංෂිප්තයකි).

සටහන-දිනිති දීපිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *