Breaking News
Home / News / බාඳු‍රා‍ගොඩ විෂමත්පැන් මරණ ගණන 13කට නගී – ‍හොරමත් පැන් ජවාරම්කරු‍ගේ නිවස ඉදිරිපිට මෘත ‍දේහ තබා වි‍රෝධය පාති.

බාඳු‍රා‍ගොඩ විෂමත්පැන් මරණ ගණන 13කට නගී – ‍හොරමත් පැන් ජවාරම්කරු‍ගේ නිවස ඉදිරිපිට මෘත ‍දේහ තබා වි‍රෝධය පාති.

පල්‍ලෙ‍වෙල පොලිස්  ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් දී ති‍බේ. ඒ මීරිගම බාඳුරා‍ගොඩ ප්‍රදේශයක දී එකම ස්ථානයකින් මත්පැන් පානය කළ පුද්ගලයන් 13 ‍දෙ‍නෙකු මිය යාම පිළිබද විමර්ශනවලට අදාලවයි.

මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණ‍සේකර මහතා කියා සිටි‍යේ, ‘‘‍මේ සිද්ධිය සම්බන්ධ‍යෙන් ප්‍රදේශවාසින්‍‍ගෙන් ‍දෝෂා‍රෝපනයක් එල්ල වුණා. ඒ ව‍ගේම දින ගණනාවක් පුරාවටම මාධ්‍ය මඟින් මේ සිද්ධිය ගැන විමසද්දී පල්‍ලෙ‍වෙල ‍පොලිස් ස්ථානය මගින් දැනුම් දී ඇත්තේ  මෙවැනි සිද්ධියක් ‍‍නොමැති බවටයි. පල්‍‍ලෙ‍වෙල ‍පොලිස් ස්ථානාධිපතිවරයා‍ගේ ක්‍රියාකලාපය සම්බන්ධ‍යෙනුත් ඔහුට එල්ලවන ‍දෝෂා‍රෝපන සම්බන්ධ‍යෙනුත් ‍පොලිස් මූලස්ථාන‍යේ අවධානය ‍යොමු‍වෙලා ති‍යෙනව.

මේ සිද්ධි‍යේ දී ඔහු ක්‍රියා කරන ලද ආකාරය සහ ‍මේ නිතී වි‍රෝධි මත්ද්‍රව්‍ය ජවාරම් කරු මීට ‍පෙර අත්අඩංගුවට ගැනීම්, ‍මේ ජාවාරම මැඩලීමට ස්ථානාධිපතිවරයා අරන් ති‍යෙන ක්‍රියාමාර්ග ‍මොනවාද යන්න විමර්ශනයක් කිරීමට ‍පොලිස් මූලස්ථාන‍යේ වි‍ශේෂ විමර්ශන එකකයට යොමු කළා.

නීති වි‍රෝධි මධ්‍යසාර පානය කිරීමේ ‍හේතු‍වෙන් පුද්ගලයින් ගණනාවක් ජීවිතක්ෂයට පත් වු බව කියන සිද්ධි‍යේ වැඩිදුර විමර්ශන පල්‍‍ලෙ‍වෙල ‍පොලිස් ස්ථාන‍යෙන් ඉවත් කළා. ‍මේ විමර්ෂණ වැඩිදුරටත් සිදු‍වෙන්‍නෙ ගම්පහ ‍ජේෂ්ඨ ‍පොලිස් අධිකාරි වරයා‍ගේ අධීක්ෂණය යට‍‍තේ ගම්පහ ‍කොට්ඨාශ විමර්ෂණ ඒකක‍යෙන්” බවයි.

ප්‍රදේශවාසීන් හා ඥාතින් විසින් මේ සිද්ධියෙන් මියගිය අයගේ දේහයන් අවසන් කටයුතු සදහා ‍සුසාන භූමිය ‍වෙත ‍ගෙනයන අතරතුර දී මෙම ‍හොරමත්පැන් ජවාරම් කරු‍ගේ නිවස ඉදිරිපිට පා‍රේ මෘත ‍දේහයන් තබා වි‍රෝධාවක නිරත වූහ.  

කොට‍දෙනියාව ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ‍මේ විෂ මත්පැන් ජාවාරම්කරුයයි සැක කරන පුද්ගලයා මිනුවන්‍‍ගොඩ ම‍හේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරී‍මෙන් අනතුරුව ම‍හේස්ත්‍රාත් අතුල ගුණ‍සේකර මහතා විසින් ‍මෙම මස 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Check Also

සහාය කාටදැයි දෙමළ ජාතික සන්ධානයේ තීරණය පසුවට

ඉදිරි ජනාධිපතිවරණයේදී  කුමන අපේෂකයාට සහාය දැක්විය යුතුද යන්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානය  මෙතෙක් තීරණයක් ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *