Breaking News
Home / News / සාලින්ද දිසානායක සමුගනී

සාලින්ද දිසානායක සමුගනී

එක්සත් නිදහස් සන්ධාන‍යේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලි‍මේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මහතා කොළඹ ‍පෞද්ගලික ‍රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊ‍යේ (5) වැනි දා සවස අභාවප්‍රාප්ත විය.

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදා කුරුණෑගල ‍රෝහලට ඇතුළත් කළ සාලින්ද මහතා පසුව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලි‍මේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී ‍හෙළි‍කොප්ටරයකින් ‍කොළඹට ‍ගෙන්වා‍ගෙන ‍පෞද්ගලික ‍රෝහලකට ඇතුළත් කරන ලදී. ‍පෞද්ගලික ‍රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටි සාලින්ද දිසානායක මහතා ඊ‍යේ සවස අභාවප්‍රාප්ත වී ති‍බේ. මියයන විට ඒ මහතා 61 වන වි‍යෙහි පසු විය. ඒ මහතා ‍දෙදරු පි‍යෙකි.

1994 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරයකු ‍ලෙස පාර්ලි‍මේන්තුවට පත් වු සාලින්ද දිසානායක මහතා නි‍යෝජ්‍ය ඇමති, කැබිනට් ‍නොවන ඇමති සහ කැබිනට් ඇමති ධුර ‍හොබවා ඇත.

කුරුණෑගල මලිය‍දේව, මහනුවර කිංස්වුඩ් යන විද්‍යාලවල ආදිශිෂ්‍ය‍යකු වන අතර ‍මොරටුව විශ්ව විද්‍යාල‍යේ ඉංජි‍නේරු උපාධි ධාරි‍‍යෙකි. මිය යන විට ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතා‍ගේ සමීපතම ‍දේශපාලන හිතව‍තෙකු වශ‍යෙන් කටයුතු කළේය.

ප්‍රභාත්

Check Also

සහාය කාටදැයි දෙමළ ජාතික සන්ධානයේ තීරණය පසුවට

ඉදිරි ජනාධිපතිවරණයේදී  කුමන අපේෂකයාට සහාය දැක්විය යුතුද යන්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානය  මෙතෙක් තීරණයක් ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *