Breaking News
Home / News / සක්තික සත්කුමාරට මාස 4 කට පසු ඇප

සක්තික සත්කුමාරට මාස 4 කට පසු ඇප

‘අර්ධ’ නමින් ලියන ලද කෙටිකතාවක් මුහුණු පොතේ පළ කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගත් සක්තික සත්කුමාර සාහිත්‍යකරුවාට අද (5) කුරුණෑගල මහාධිකරණය විසින් අප ලබාදෙන ලදී.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අප්‍රේල් මස 1 වැනි දිනය. ඔහු මාස හතරකුත් දවස් ගණනක් රිමාඩ් බන්ධනාගාරයේ පසු විය.

ඔහු ලියන ‘අර්ධ’ කෙටි කතාව පදනම් කරගෙන මහජන කැළඹීමක් ඇති වීමට ඉඩ ඇති බවට පැමිණිල්ලක් ගෙනු කරනු ලැබුයේ බෞද්ධ භික්ෂුන් පිරිසක් විසිනි. එහෙත් එම කෙටිකතාව පදනම් කරගෙන කිසිදු කැළඹීමක් රටේ ඇති නොවුණි.

සිවිල් සංවිධාන හා විවිධ සාහිත්‍ය සංවිධාන හා කලාකරුවන් සක්තික සත්කුමාර රිමාන්ඩ් ගත කිරීම වෙනුවෙන් විරෝධතාවය ප්‍රකාශ කරන වැඩසටහන් කිහිපයක් පැවැත් වූ අතර ඒ ගැන සමාජ මාධ්‍ය මෙන්ම පොදුජන මාධ්‍ය ද හඬක් නැගීය.

 ශක්තික සත්කුමාර ගේ බිරිඳ යනුෂා ලක්මාලි සත්කුමාර රිමාඩ්බාරයේ සිටිය දී මුහුණු පොතට එක්කරන ලද සටහනක් පහත පළවේ.

  “ශක්තිකයි මායි අපේ දරුවො දෙන්න එක්ක ජීවත් වුණේ තනියම. ශක්තික අත්අඩංගුවට පත් වුණාට පස්සෙ මං දරුවො දෙන්නත් එක්ක තනිවෙලා විඳින දුක කියන්න බැරි තරම් විශාලයි. පුතාට අවුරුදු හතරයි. එයාට තේරෙනව තාත්තා ගෙදර එන්නෙ නෑ කියල. එයා තදබල විදිහට මානසික පීඩාවට පත් වුණා. මුල දවස්වලදි තාත්තා කෝ කියලවත් ඇහුවෙ නැහැ. දුක හිතේ තද කරගෙන ඉන්න ඇති. එයා දුක පිට කළේ ගෙදරදි හුඟක් දඟ වැඩ කරලා. ටික දවසක් යනකොට දරුවො දෙන්නම සාංකාව හින්දම අසනීප වෙන්න පටන් ගත්තා. ඊයෙ පෙරේදා මං ශක්තික බලන්න බන්ධනාගාරෙට ගිහින් ඇවිත් එයාගෙ කිළුටු ඇඳුම් වගයක් හෝදලා වැලේ දැම්මා. ඊළගට මම දැක්කා පුතා නිහඬව ඒ ඇඳුම් දිහා හුගක් වෙලා බලාගෙන ඉන්නවා. මගෙ පපුව පිච්චිලා ගියා ඒක දැකලා.” 

– මනෝජ්

 

Check Also

සහාය කාටදැයි දෙමළ ජාතික සන්ධානයේ තීරණය පසුවට

ඉදිරි ජනාධිපතිවරණයේදී  කුමන අපේෂකයාට සහාය දැක්විය යුතුද යන්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානය  මෙතෙක් තීරණයක් ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *