Breaking News
Home / Films / සරත් සමයක චමත්කාරයෙන් උපන් – ඔක්තෝබර්

සරත් සමයක චමත්කාරයෙන් උපන් – ඔක්තෝබර්

 

 

 

 

 

 

 

ග‍්‍රීෂ්ම කලෙහි දී පෙම්බරියෝ හිරු රුසින් සිය ඉසියුම් සම් පීඩාවට පත්කරගත නොහී එහි සඳුන් ආලේප කරති. දිවාකලෙහි සිඳී යන පොකුණුවල ජල වාෂ්ප රළු බැවින් ඒ ලලනාවෝ රාත‍්‍රියේ සඳලූතල මස්තකයේ සඳ කැලූමෙහි සිහිල ලබති. වැසි කල එළඹෙත්ම පෙම්බරියෝ පෙම්බරයන් හා ආමුඛ වෙමින් ස්නේහ ලීලයේ වැඩි ඵල නෙළති. පරිසරයම නව පණක් ලැබූ කලෙක මෙන් තෙතබරිත වන්නට ගනී. ඉන්පසු උදාවන්නේ සරත් සමයයි. වෘක්ෂයන්හි කුසුම් හටගන්නා, ඵලබරව බිමට නැමෙන්නා වූ සමය එයයි. භාරතයේ කාලිදාස කවියාගේ නොමසුරු වර්ණනයට ලක්වන මෙවන් කදිම සෘතු පිළිබඳව වන හාව භාව ලීලා නංවන වර්ණනයක් සෘතු සංහාරය නම් කාව්‍ය සංග‍්‍රහයෙහි එයි. ඔක්තෝම්බරය ද එම සරතට ම අයත්වූවකි. වසන්තයට ද ශිශිරයටද මැදිවන සරත, සාමාන්‍ය උණුසමකින්ද, වියළි කොළ ගසාදමන වෘක්ෂලතාවලින් ද සුවපහසු පවන්රැුළිවලින්ද සුපැහැදිලි ගුවනෙහි නැගුණු සඳෙන්ද, සුසැදිය. එවන් පාරිසරික චමත්කාරයෙහි ගිල්වන සිනමාපටයකට අද පිවිසෙමු.

දිල්ලියේ සුපිරි හෝටලයක සේවකයකු වන ඩෑන් හා එහි සේවිකාවක වන ෂිවුලි අතර වන අප‍්‍රකාශිත පේ‍්‍රමය පරිසරය ඇසුරින් සංකේතීය දැක්වීමට සමත් සිනමාපටයක් ලෙස සූජිත් සිර්කාර්ගේ ඔක්තෝබර් පළමුව වැදගත් වේ. දෙවනුව කුතුහලය නංවා උපරිමයට ගොස් (උච්චාවස්ථානය සිනමාපටය මධ්‍යයකදී ඇරඹෙන්නේ ෂිවුලිව අනතුරකට ඇද දමමිනි* නොසිතූ අවසානයක් වෙත ඇදී, උද්දීපනය වූ භාව ක‍්‍රමයෙන් ප‍්‍රහීණ කරවීමේ ලා සමත්වේ. තෙවනුව යථාර්ථවාදීව සැබෑ ජීවිතම මෙය යැයි සිතෙන තරමට තාත්වික දර්ශන වාර දැක්වීමෙහි සාර්ථක වෙයි. නිහ`ඩ ජවනිකා මැවීමේ ලා ද වැදගත් වේ.

සමස්ත සිනමාපටය රැුඳී තිබෙන්නේ සේපාලිකා කුසුම් සම`ගිනි. ෂෙවුලී ඇහිදින සේපාලිකා මල් පුරවන බඳුන ඩෑන් පෙරළා දමයි. අනතුරකට ලක්වීමෙන් පසු කෝමා තත්ත්වයෙන් ඇයව මුදවාගැනීම සඳහා ඔහු රෝහලට මල් ගෙනවුත් ඇය සමීපයේ අතුරයි. ඉන් නැගෙන සුගන්ධයෙන් ඕ සිහි ලබයි. හින්දි බසින් ෂේෆාලි නමින් වරනැගෙන සේපාලිකා මල සහ ගස වටා රැුඳී ඇති මෙම පෙම් කතාන්දරය සංස්කෘත නාට්‍යය, විශේෂයෙන් රත්නාවලී සිහිකරවයි. මදන මහෝත්සවයේදී ගසට පුද පූජා කරන රාජකීයයන් මෙන් අවසානයේ ෂෙවුලී මියයාමෙන් පසු ඩෑන් ගස රැුගෙන යයි.ිසේපාලිකා කුසුමිතා රක්තා මනෝඥා’ ආදී වශයෙන් සෘතු සංහාරයේ තෙවන සර්ගයේ ශ්ලෝකය සිංහල බසට නගන ගම්ලතුන් උද්‍යාන ශ‍්‍රීයෙහි කරන වර්ණනය ඔක්තෝබර්හි අධ්‍යක්ෂකවරයා සිනමා රූප ලෙස මවයි. සේපාලිකා මල් ඔවුනොවුන් අතර උද්දීපන විභාව ඇතිකිරීමට සමත් ය.

පේ‍්‍රමය සාමාන්‍ය තත්ත්වයක් බවත්, එහිදී විශේෂිත බවක් කිසිවකුට නොදැනෙන නමුත් සහායකයාගේ දුරස්වීමේදී එය වැටහෙන බව පාවුලෝ කොයියෝගේ කෘතිවල යෙදෙන පාඨයකි. ඔක්තෝබර් සිනමාපටය මෙය තහවුරු කරයි. මේ වනතුරු ඉන්දීය සිනමාපටවල පෙම්වතුන් පෙම්වතියන් හමුවීමේදී එය හින්දි ගීයකින් අලංකාර කර, සුරංගනා මොහොතවල් කිරීමට තැත් කළද, මෙහි ඇත්තේ සරළ සහ සාමාන්‍ය සමාජයේ සත්‍ය තත්ත්වය වීම පේ‍්‍රක්ෂකයා සිනමාපටය කෙරේ ආශක්ත කරවීමට හේතු වෙයි. රෝහලක සිටින්නෙකු සහ එම තැනැත්තාගේ ඥාතීන් මුහුණදෙන ජීවන ගැටලූ මෙහි වසා දැමීමට කටයුතු නොකරන අධ්‍යක්ෂකවරයා ඒවා එළිකරයි. රුධිරය, එන්නත්, මුත‍්‍රා බඳුන්, බෙහෙත් ආදියෙහි ගන්ධය පේ‍්‍රක්ෂකයාට දැනෙන තරමට ඒවා සාමාන්‍යකරණය කරවීම විශේෂයෙන් කැපී පෙනේ.
දෙබස් කථනයට වඩා රූපණයෙහි ලා අධ්‍යක්ෂකවරයා ඉසියුම් වේ. එබැවින් නිහ`ඩමය අවස්ථා බහුලය. හරිත පැහැ වනයකට ඇතුළු වූවාක් බඳු හැ`ගීමක් දනවන එය, ශබ්ද නොකර නිසලව පරිසරය විඳිය යුතුය යන පණිවුඩයක් ඔබට මට සපයයි. ගී නොවුණද මෙහි කන්කලූ ස්වර රටා වෙයි. එක් එක් චරිතවල සමීප රූප කරා කැමරාව යොමුවෙයි. දීර්ඝ මොහොතවල් ඒ වෙනුවෙන් වැය වේ. අසන්නට නොව බලන්නට ඉඩ ප‍්‍රස්ථාව හිමිවන අතර, කාව්‍යමය සහ චාම් අවස්ථා කලබලයකින් තොරව දිගහැරේ, අවසන් වේ.

වරූන් ධාවන් සහ බනීතා සන්ධූ මෙහිදී සාත්වික අභිනයෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නා අතර ඔවුන් අතරින් ද වරූන් කැපී පෙනේ. මස්පි`ඩු සහිත කඩවසම් පෙම්වතකුගෙන් ඔබ්බෙහි ඔහු මෙහිදී තාත්වික රංගනයක යෙදේ. මුවදෙනක බඳු ඇස් ඇති බනීතාගේ දීප්තිය සිනමාපටය පුරා වන ජවය රදවා ගනී.

ඔක්තෝබර් සිනමාපටයේ අවධානය බිඳී යන එක් කරුණක් වන්නේ ෂෙවුලී අනතුරකට ලක් වූ දින සිට ක‍්‍රමයෙන් සුව වී නිවසට පැමිණෙන අවස්ථාව දක්වා සියලූ මොහොතවල් එක පෙළට පෙන්වීමට ගොස් එය වාර්තාවක් බවට පත්කිරීමයි. මෙතැනින් කුමකටද ආදී වශයෙන් එහිදී පේ‍්‍රක්ෂකයාට ඉවසීම ප‍්‍රගුණ කරමින් සිටීමට සිදුවේ. සිනමාපටමයේදී සුඛාන්තමය අවසානයක් අපේක්ෂාවෙන් සිටින ඔබටත් මටත් ඉන් ඔබ්බෙහි නොපෙනෙන පෙම්පුවත් සරත් සෘතුවට වැසී සැ`ගවී යන බව පිළිගැනීමට සිදුවේ.

– ඩිල්ෂානි චතුරිකා දාබරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *