Breaking News
Home / News / බස්රථ අනතුරින් හයක් මිය‍ගොස් 52කට තුවාල

බස්රථ අනතුරින් හයක් මිය‍ගොස් 52කට තුවාල

කළුතර වාර්තාකරු

අද (4) වන දා උදෑසන 05.15 ට පමණ ගාලු පා‍රේ වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශ‍යේ දී පුද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටී‍මෙන් පුද්ගලයන් හය‍දෙ‍නෙකු මියගොස් 52ක් තුවාල ලබා ති‍බේ. ‍මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් ති‍දෙ‍නෙක් හා පිරිමි පුද්ගලයන් ති‍දෙ‍නෙක් ‍වෙති.

මෙ‍සේ අනතුරට පත්ව ඇත්‍තේ ඇල්පිටිය සිට ‍කොළඹ බලා ධාවනය වු බස්රථයක් හා ‍කොළඹ සිට ගාල්ල බලා ධාවනය වු පුද්ගලික බස්රථයකි. අධික ‍වේගය ‍මේ අනතුර ‍මේ තරම් බරපතළ වීමට ‍හේතු වු බව ‍පොලීසිය පවසයි.

අනතුරට පත්වුවන් ප්‍රදේශවාසීන් විසින් නා‍ගොඩ ‍රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයන් 43ක් හා කාන්තාවන් 8ක් හා කුඩා දරු‍වෙක් සිටින බව ‍රෝහල් ආරංචිමාර්ග පවසයි.

Check Also

සහාය කාටදැයි දෙමළ ජාතික සන්ධානයේ තීරණය පසුවට

ඉදිරි ජනාධිපතිවරණයේදී  කුමන අපේෂකයාට සහාය දැක්විය යුතුද යන්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානය  මෙතෙක් තීරණයක් ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *