Breaking News
Home / Events / 2018 වසරේ හොදම චිත්‍රපටය ඝර සරප, හොදම ටෙලි නාට්‍ය කූඹියෝ

2018 වසරේ හොදම චිත්‍රපටය ඝර සරප, හොදම ටෙලි නාට්‍ය කූඹියෝ

පසුගිය 02 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙරට ප්‍රධාන කලා සම්මාන උළෙලක් වන සිග්නිස් සම්මාන උළෙලේදී   ජයන්ත චන්ද්‍රසීරි අධ්‍යක්ෂණය කළ ඝරසර්ප චිත්‍රපටය 2018 තිරගතවූ හොඳම චිත්‍රපටය ලෙස මෙන්ම ලක්මාල් ධර්මරත්න ගේ කුඹියෝ ටෙලි වෘතාන්තය එම වසරේ හොඳම ටෙලි වෘතාන්තය ලෙසද සම්මාන අත් කර ගැනීමට සමත් විය. මේ අනුව එම නිර්මාණ වෙනුවෙන්  හිමි සම්මාන අර්ජුන් කමලනාත් හා හසන්ත දොඩන්තැන්න වෙත පිරි නැමිණි. තවත් විශේෂ සිදුවීමක් වුවේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානද එම නිර්මාණ ද්වයට හිමි වීමය, මෙහිදී ජයන්ත චන්ද්‍රසිරි හා ලක්මාල් ධර්මරත්නට ඒ වෙනුවෙන් සම්මාන අත් විය.

2018 වසරේ හොඳම නිලි සම්මානය දැවෙන විහඟුන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අනෝමා ජනාදරී හට හිමිවූ අතර මැතිව් චිත්‍රපටියේ නිරුපනය කළ චරිතය වෙනුවෙන් ඇලස්ටන් කෝච් හොඳම නළුවා ලෙස තෝරා ගැනිණි. ටෙලි නිර්මාණ අතරින් කුඹියෝ හි චරිතය වෙනුවෙන් තුමිඳු දොඩම්තැන්න හොඳම නළුවා වශයෙන් තෝරා ගත් අතර සහෝදරයා ටෙලි නිර්මාණය වෙනුවෙන් කලණි දොඩම්තැන්න හොඳම නිළිය වශයෙන් ද සම්මාන අත් කර ගත්තාය.

අනෙකුත් සම්මාන ලාභින් කිහිප දෙනෙකුගේ නම් මෙසේය.

විශේෂ සම්මානය ප්‍රවීන සිනමා නිලි ශ්‍රියානි අමරසේන.

40 වසරක සේවය වෙනුවෙන් පිරිනැමුණු විශේෂ සම්මානය ස්වාධින රුපවාහිනිය.

හොඳම ගායනයට හිමි සම්මානය යසෝධරා චිත්‍රපටය වෙනුවෙන් ඉනෝකා අහංගම. මිහිඳු ආරියරත්න වෑකන්ද පාමුල ටෙලි නිර්මාණය වෙනුවෙන්.

හොඳම චිත්‍රපට තිර රචනය ජයන්ත චන්ද්‍රසිරි  (ඝර සර්ප),ටෙලි නිර්මාණ ලක්මාල් ධර්මරත්න (කුඹියෝ)

හොඳම ගීත රචනය ජයන්ත චන්ද්‍රසිරි (ඝර සර්ප), කුමාර ලියනගේ (තාත්තා)

– අනිල් වීරසිංහ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *