Breaking News
Home / Arts

Arts

NGO ” හෙවත් නැළවෙන ගී මැද ඕවිල්ල අද මහවැලි කේන්ද්‍රයේදී

විමල් කැටිපෙආරච්චි සහෘදයා විසින් සතිපතා ‘රැස‘ පුවත්පතට  ගෙත්තම් කරන ලද අකුරු වියමන  එක්තැන් කරමින් නවකතාවක් ලෙස ජනගත කිරීම  2019අගෝස්තු 07 වන දින  (අද) සවස 3.30 ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ. මේ සමග තරුණ නාට්‍ය වේදී අසංක සායක්කාරගේ ‘වසරේ හොඳම කෙටි කතාව‘ කෘතියද එළි දකී

Read More »

අභිරූපණයේ පළමු ගුරුවරයා

60 දශකයේ සහ 70 දශකයේ නාට්‍ය පේ‍්‍රක්ෂකයාට රංගනය පිළිබඳ නැවුම් අත්දැකීමක් ද පාඩමක් ද කියා දෙමින් රංගන ශිල්පියකුගේ භාව ප‍්‍රකාශනය වාචික අභිනයෙන් තොරව,සාත්වික සහ ආංගික අභිනයෙන් පමණක් සියුම්ව විඳින්නට හුරු පුරුදු කළ පළමු ගුරුවරයා විමල් කුමාර ද  කොස්තාය. විමල් ඒ හාස්කම කළේ ඔහු විසින් ස්වඋත්සාහයෙන් ප‍්‍රගුණ කරගනිමින්, හාපුරා කියා එදා සිංහල …

Read More »

සිංහල කෙටිකතාව ඔළුවෙන් සිටවූ නිර්මාණවේදියා අජිත් තිලකසේනය

හැටේ දශකයේදී කෙටිකතාකරණයට බට අජිත් ගෙ මුල්ම කෙටිකතා සංග්‍රහය ‘සතුරෝ‘. ඉන්පසු  ‘ පිටුවහල්කර සිටිද්දී‘  නමින් ඔහු ලියූ  කෙටිකතා එකතුව එතෙක් මාර්ටින් වික්‍රමසිංහ- ගුණදාස අමරසේකර – කේ. ජයතිලක ඇතුළු ලේඛකයන් ලියූ  කෙටිකතාවල අන්තර්ගතය සහ ආකෘතිය කුඩුපට්ටම්කර  දැමීමට සමත් වුණා. ඉන්පසුව අජිත් ලියූ ‘සුන්නද්දූලි‘ වික්‍රමසිංහලා- අමරසේකරලා ඇතුළු කෙටිකතා කරුවන්ගේ අඛ්‍යාන රීතින් සුනු …

Read More »

එදා මධුර ගීතයෙන් අප සැනසූ ගලගෙදර හක්ගෙන් අදටත් වැඩක් ගනිමු.

ඔහුගේ නම ගලගෙදර හක්, පසු ගිය දාක මට ඔහු සමග සංවාදයේ යෙදෙන්නට අවස්තාවක් හිමි වුනා මෙහෙම කියන කොට සමහරු අහන්න පුළුවන් ඒ කවුද කියල, හැබැයි චන්දන ඇල්ලෙන් නාලා  එහෙම නැත්නම් හිටින්න පොඩ්ඩක් හිටින්න වගේ දැනට අවුරුදු හතළිහකට වඩා පැරණි ගීතයක් ගැන කතා කෙරුවොත් ඒ ගීත ඔබගේ සවනේ තවමත් රුව් පිළිරුව් …

Read More »

අපෙ රටේ සංස්කෘතික බැඳීම් චොක්ලට අලේපනය වගේ-සේමිණි ඉද්දමල්ගොඩ‍

‘විසි අට’ චිත්‍රපටයෙ  ඔබේ රංගනයට මේ සැරේ නාධිපති සම්මාන හිමි වුණා හොදම නිළිය හැටියට. ඒ ගැන ඔයාට මොකද හිතෙන්නෙ? ඒක ප්‍රසන්න ජයකොඩිගෙ චිත්‍රපටය. ඇය සුද්දි. මට ඇය අභියෝගාත්මක චරිතයක් වුණා. ජීවත් වෙලා ඉන්න කාන්තාවකට සමාජයට කියා ගන්න බැරි දේවල් ගොඩක් ඇය කියනවා. ඒ හින්ද මේ චරිතය මට විශේෂයි. හොදම නිළිය …

Read More »

අද අපි ඉන්නෙ සංස්කෘතික පොලීසියක් වේගයෙන් ස්ථාපිත වෙන බියකරු මොහොතක – චූලානන්ද සමරනායක

මම අතරමග අත අතැර නතර වුන කවියකුගේ පුනරාගමනය කියන මාතෘකාවෙන් මේ අදහස් දැක්වීම ආරම්භ කරන්න කැමතියි. එහෙම කියන්න හේතුවක් තියෙනව. 1999 වසරේ රවී සිරිවර්ධන කියන කවියා ‘නගුල් තරුව’ නමින් සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළිදක්වනව. ඒ මීට වසර විස්සකට පෙර. නැවත කෙටි විරාමයකින් පස්සෙ ඔහු තමන්ගෙ දෙවන කාව්‍ය සංග්‍රහය පිළිසදර නමින් …

Read More »

මින්පසු ගීත නිර්මාණ කොල්ලකනු බෑ බුද්ධිමය දේපළ නීතියට ඇමුණුමක්

මුල් නිර්මාණයේ අයිතිකරු නොවන කිසිවකු විසින් කිසියම් ගීතයක් හෝ ඉන් කොටසක් ඕනෑම ආකාරයකට ප්‍රතිනිර්මාණය කර වාණිජමය පරමාර්ථ සඳහා භාවිත කරන්නේ නම් එම ගීතයේ අයිතිකරුවන්ට එකඟ විය හැකි ආකාරයට කර්තෘභාගය ගෙවීමට ලිඛිත ගිවිසුමක් ඇති කර ගත යුතු බවට බුද්ධිමය දේපළ පනත යටතේ අතිරේඛ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ. …

Read More »

විජයබා කොල්ලය අගෝස්තු 1 වන දා සිට

Vijayaba Kollya

විජයබා කොල්ලය අගෝස්තු 1 වෙනිදා සිට 3 D තාක්ෂණයෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා හල්වල ප්‍රදර්ශනය වේ. ත්‍රිමාන (3D) තාක්ෂණික උපදෙස් මත රූ ගත කළ පළමු සිංහල චිත්‍රපටය වූ විජයබා කොල්ලය අගෝස්තු 1 වෙනි දා සිට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය වේ. සාහිත්‍යකීර්ති ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ …

Read More »

ශක‍්‍රයාගේත් පුතා වයිමාගේත් සැබෑ හැදුනුම්පත් මෙන්න

දැනට වසර දහයකට පමණ පෙර මෙරට සමාජ දේශපාලන කරලියේ රග දෙන අපූරු චරිතයක් තිබේ. ඒ ශක‍්‍රයා ගේ පුතා වයිමා ය. එතෙක් අප සමාජයේ බොහෝ දෙනෙකු නොදැන සිටි  “වයිමා” හිටි හැටියේ අප සමාජ දේශපාලන කරලියේ මෙලෙස ලැගුම් ගන්නට වූයේ 2009 වසරේ දී පමණ එවක වෙළෙද, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය …

Read More »

හැත්තැව දශකයේ කැපුවත් නොකැපුණු ජෝති….

“කැපුවලු කපනවලු එත් තවම කෙලින් “මේ චින්තන ජයසේන සංස්කරණය කළ සතිපතා “සිත්සර”සිනමා පත්‍රයේ 1976 වසර අවසන් කලාපයක් සඳහා එදා මෙදා තුර මෙරට බිහිවූ අසහාය ගායක එච්.ආර්.ජෝතිපාලයන් කළ ප්‍රකාශයකි, මේ ප්‍රකාශයෙන් ඔහු ඉතා වේගවත්ව අදහස් දක්වා තිබුණේ මෙරට ගුවන් විදුලියෙන් ඒ වනවිට ඔහුට සිදුවෙමින් පැවති යම් යම් අසාධාරනකම් ගැනය. අද මෙන් …

Read More »